Friday, September 11, 2015

Kali Linux 2.0 install කරමු

              කලින් Post එකේ  විදියට   Ubuntu  Install කරගන්න  try එකක් දෙන්න ඇති කියල හිතනවා
.මේ පාර  කියන්න හිතුවේ  Kali Linux  dual  boot  install කරගන්න විදිය ගැන. 
මේකත් Ubuntu  වගේම Open Source OS එකක් . Information Security  , Penetrating Testing  වගේ දේවල් වලට තමයි වැඩි පුර බාවිතා වෙන්නේ . කලින් ආපු  Backtrack OS  එකේම අලුත් එකක් තමයි මේ.

 අලුත්ම  2.0 version එකෙත් tools බර ගානක් තියෙනවා try කරලා බලන්න පුළුවන්.[ Tool එකක් Run  කරපු  පලියට  ඉතින් Hacker කෙනෙක්  වෙන්නේ නෑ හොඳේ  :p  නිකමට  try  කරලා බැලුවට නම් කමක් නෑ]

                       Ubuntu  install කරපු  විදිය මතකයි නේ . BIOS setup ගිහින්  UEFI  Settings legacy වලට change කරලනේ  install කරේ . අද කියන්නේ  UEFI mode එකේ තියෙද්දීම  OS එක install කරන ක්‍රමයක් . මොකද  සමහර වෙලාවට    OS එක  install කරගත්තත් dual boot mode එකේදී  boot loader එකේ අවුල් එන්න පුළුවන් . එතකොට එක්කෝ මොකක් හරි එකක් විතරයි boot වෙන්නේ . GRUB එක  වැඩ කරන්නෙත් නැතුව යනවා.
මොකද kali legacy support OS එකක් .කොහොමද මේක UEFI support කරන විදියට හදාගන්නේ ..?

හරි කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා .

මුලින්ම pen drive එක සාමාන්‍ය විදියට  bootable කරගන්න ඕන .[කොහොමද කරන්නේ කියල බලන්න මෙතනින් ]
ඒ විදියට bootable කරගත්ත pen drive  එක  UEFI විදියට නෙමෙයි  තියෙන්නේ. ඒකට  පොඩි file 3ක් download කරගන්න වෙනවා .

BOOTX64.efi
grubx64.efi
MokManager.efi

download කරගන්න මෙතනින්  .

දැන්  Pen එකේ අලුතෙන්  මෙන්න  මේ  folder Structure එක හදන්න ඕන .

EFI /boot

දැන් download කරගත්ත files 3  boot  folder එකට copy කරගන්න.දැන් pen එක UEFI boot mode එකෙන්  bootable කරල ඉවරයි. .

දැන් ඔයාට කරන්න තියෙන්නේ වෙනම efi boot partition එකක් create කරන්න ඕන home, Root ,swap වලට  අමතරව . ඒ කට  space 500 MB වගේ තිබ්බම ඇති .
ඊට පස්සේ ඉතින් කැමති විදියකට  EXT4 File System  partitions හදන්න තමයි  තියෙන්නේ . 

Kali Install කරන්න හොඳම විදිය තමයි live mode එකෙන්  ගිහින්  එතන තියෙන ,
 Application > system tools> install Kali  වලින්  install කරන එක . 
Install කරන්න  නම් අනිව  internet connect වෙලා ඉන්න ඕන මොකද  installation process එකේ දී auto download කරගන්න GRUB එකට අදාළ  files වගේ තවත් files තියෙන නිසා . 
Installation එකේ ඉතුරු ටික නම් ඉතින් කලින් ubuntu වල කරපු  වගේම  තමයි  කරන්න තියෙන්නේ :) 
එන්න පුළුවන්   Errors  ඊළඟ පොස්ට්  එකෙන් විස්තර කරන්නම්!
                
                                                                      !!! ජය වේවා  !!!




Tuesday, August 11, 2015

දුකට සැපට Linux

ආයු බොහෝ වේවා !! :D 
සතියකට  පස්සේ  ආයෙම බ්ලොග  පැත්තේ එන්න ඕන කියල හිතුන . :)
බ්ලොග කියද්දී මතක් උනේ  ලඟදි  අහපු කතාවක්... :D :v  අහල තියෙනවද  දන්නෑ  කොල්ලෙක්  නම්  මැරෙන්න කලින්
  • පැලයක්  හිටවන්න ඕන ,
  • බ්ලොගක්  ලියන්න ඕන :p 
  • පුතෙක් හදන්න  ඕන  
කියන වැදගත් කරුණු  3 සපුරල තියෙන්න  ඕන කියල  කව්ද මන්ද  පුරාණේ පණ්ඩිතයෙක් කියල තියෙනවලු  :p  මාත් දන්නේ  නෑ මටත්  යාලුවෙක් තමයි කිව්වේ :D  [දැන් ඉතින් කෙල්ලෙක් නම්  මොනවද කරන්න ඕන  කියල මගෙන් අහන්න එපා ඌ මට ඒක කිව්වෙ නෑ :p  :p  ]... 
පැල නම් ඉතින් හිටවල තියෙනවනෙ  ඕන තරම් :) ... බ්ලොගේ  වැඩෙත් හරි  වගේ  :p  :v
අනිත් වැදගත්  කාරණේ ට සපුරන්න  තව කල්  තියනවා  එව්වා  පස්සේ බලමු  නෙහ්  :D ;) 
 බ්ලොගක් ලියන එකේ  වැදගත්කම  කියන්න තමයි ඕක  කියන්න හිතුවේ  :v .. කොල්ලෝ ටික මේ කතාව හිතට අරගෙන  දැන්ම බ්ලොග් ලියන්න පටන් ගනීද  දන්නෑ  :3 ... එහෙම උනොත් ඉතින් අපිටත් පට්ට සතුටුයි හොඳේ :) (y)   
දැන් අද වැඩේ  පටන්  ගමු  නේද  :D 

          මාතෘකාව දැක්කම  මොකද හිතෙන්නේ .. :) 
මේ දවස්වල මගේ දුකට සැපට  ඉන්න කෙනා තමයි ඔය   :(   :)  <3
ජිවිතේ පලවෙනි වතාවට computer එකක් දැකපු දා ඉඳන් මට නම්  windows තමයි ඊට එහා දෙයක් තිබ්බේ නෑ ... කොහේ බැලුවත් ඉතින් windows තමයි පේන්න තිබ්බේ ...
Linux නිකමට හරි try කරේ  ඉතින්  Uni  ආවට පස්සේ ... First Semester එකේ යන්තමට මොනවදෝ මන්ද   කරා මතකයි බැන බැන.. මේ මොන මල  කෝලමක් ද කිය කියා  :D  [ මම දන්නවා  මිනිස්සුන්ට මතකයි  :p ]... එත් දැන් හිතෙනවා මේකෙත් පොඩි ආතල් එකක් තියෙනවනේ කියල ...


  Windows 8.1  එක්ක  Ubuntu-14.04 Linux  Dual Boot  කරන  විදිය තමයි මේ  අද  කියන්න හදන්නේ .


          ඕක කරන්න ගිහින්  නිදිමත විකාරෙන්   වැරදි  Drive එක select කරලා මගේ වටිනා කියන Files ගොඩක් නැති උනා <3  :'(  :(  මොකද ළඟ  Backup එකක් වත් තිබ්බේ නෑ...පස්සේ ඉතින් නිදිමරාගෙන හෙන ගේමක් දීල තමයි ටිකක් හරි  Recover කර ගත්තේ ... ඒකෙ  ගෞරවය හිමි වෙන්න ඕන අපේ චතුර සහෝදරයට...Thank you මචං  වස්සා (y) :) 

ඒක හින්ද කියන්නේ නිදිමතේ  නම් OS ගහන්න පටන් ගන්න එපා ;)  ...
External Hard  එකකට windows  backup එකක් ගන්නත් අමතක කරන්න එපා ... මොනව වෙයි ද sure නැති නිසා ..
ගොඩක් අය බයයි තනියෙන් මේ වගේ දේවල් කරන්න.... හැබැයි කරොත්  අලුතින් මොනවම හරි ඉගන ගන්න ලැබෙනවාමයි .. :)...
Backups ළඟ තියෙනවා නම්  මම නම් හිතන්නේ  බය වෙන්න ඕන නැහැ...අනිත් එක  ලැප් එක  තියෙන්නේ Fb  යන්නම  විතරක්ම නෙමෙයි  නෙ :p  
ඕන දෙයක් වෙච්චාවේ කියල  Try කරන්න තියෙන්නේ .. Try  and try  one day  you can  Die කියල කව්ද මන්ද  පණ්ඩිතයෙක්  [නෑ නෑ . මුලින් කියල තිබ්බ  පණ්ඩිතය නෙමෙයි  මේ වෙන කෙනෙක්  :p ] කියල තියෙනවලු :v  ...දන්නේ නෑ ඕව ඉතින්  ඒ උනාට try කරලම බලන්න ඕන  ඒ ආතල් එක තේරෙන්න ;)  

වැල්  බයිලා  නැතුව :p  වැඩේ  පටන් ගන්න කලින්  මේකත් කියන්නම ඕන  ...

Post එක ටිකක් දිග උනාම කියවන්න කම්මැලි හිතෙනවා  තමයි ... කම්මැලි හිතෙනවා  උනත් Ubuntu dual boot කරන්න  හදන කෙනෙක්ට රට වටේම දුවන්නේ නැතුව එක post එකකින් මොනවහරි  දෙයක් ඉගන ගන්න පුළුවන් වෙන්න  මම දන්න, මේකට  අදාළ දේවල් සේරම ටික එක post  එකකින්  cover කරන්න තමයි උත්සහ කරන්නේ ....

අනිත් එක කම්මැලි හිතෙන්නේ නිකන්  මේක කියවගෙන යන  අයට  මිසක් වැඩ කරන අයට  නෙමෙයිනේ :D

       ඉතින් කස්ටිය බය වෙන්න එපා මෙච්චර දේවල් කරන්න ඕනද මේකට කියල . එහෙම නෑ  පොඩි දේවල් ටිකක්  හරියට කරන්නයි තියෙන්නේ ...
කරන්න ඕන දේවල් ටික මම Summary එකක් වගේ ලියන්නම් .
        1.       Pen drive  එක bootable විදියට හදාගන්නවා  ubuntu image එක ඇතුලත් කරලා.
        2.       ubuntu install කරන්න Unallocated Space එකක් හදාගන්න ඕන .
        3.       Fast Boot mode , Secure Boot Enable කරලා තියේ නම්  disable කරන්න ඕනි.
        4.       ubuntu install  කරද්දී partitions ටික හරියට හදාගන්න ඕන
        5.       machine එක  boot  කරද්දී boot  කරගන්න ඕන OS එක මොකද්ද කියල select කරන්න ඕන.

මහා දිගට  ලොකුවට   post එක  තිබ්බට අන්තිමට   ඔය ටික තමයි  කරලා   තියෙන්නේ :D

මම  දන්න තරමින් මෙතෙන්දි  අපිව  ටිකක් හිර වෙන තැන්  කීපයක්  තියෙනවා .     
          1.Machine එක  flash  drive එකෙන්  boot කරද්දී    
          2.Ubuntu වලට  ඕන  partitions  කරද්දී     
          3.Ubuntu install කරාට පස්සේ  machine  එක  boot  කරන්න  කරද්දී

        ඔක්කොටම කලින් අපි ISO image එක දාල USB Pen drive එක bootable  විදියට හදාගන්න ඕනනේ  .bootable කරන ඒක අමාරු දෙයක් නෙවෙයි.. ඒක කරන්න  මම නම් පාවිච්චි කරන්නේ  Rufus  කියන  පොඩි  software  එකක්. ලේසියෙන් වැඩේ  කර ගන්න පුළුවන් මේකෙන්.. Download කරගන්න මෙතනින් .  
.
හරි ඊළගට  කරන්න ඕනේ ubuntu වලට කොච්චර space එකක් දෙනවද කියල බලන එක...Fun එකට  ubuntu  try කරන්න  ආස  අයට [මම වගේ  :p ] Free space  20 GB වගේ තිබ්බම  වැඩිත් එක්ක ඇති මම  හිතන්නේ  [වැරදි නම් නිවැරදි කරන්න හොඳේ ] partitions  වලදී වැඩි විස්තර කියන්නම්.


        Hard එක දැනටමත් windows වලට partition කරලනේ තියෙන්නේ .ඉතින්  ubuntu  දාන්න  නම් අපිට  වෙනම partition එකක් ඕන වෙනවා ..මෙතෙන්දි දැනගන්න ඕන දෙයක්  තමයි  windows  සහ ubuntu  use කරන file systems ගැන ...windows   වලට  නම්  සාමාන්‍යයෙන්  NTFS , FAT32 තමයි support කරන්නේ ..  Linux වලට සාමාන්‍යයෙන් බාවිතා කරන  File Systems තමයි  EXT2, EXT3 ,EXT4  කියන්නේ .මම නම් EXT4  තමයි බාවිතා කරේ... 
දැන්  බලමු  Free Space එක හදාගන්නේ කොහොමද  කියල ... මේකට මම දන්න ක්‍රම 2 ක් තියෙනවා .තව ඇති ඉතින්.

1. windows  එකේ Disk Management ගිහින්  ඕන volume එක Shrink කරගන්න එක 
2. තියෙන Partion එකක තියෙන දේවල් වෙන partition එකකට දාල  ඒ partition එක  අපිට ඕන විදියට third party  partition manager එකක්  බාවිතා කරලා  partition කරගන්න එක ... [AOMEI Partition Assistant Standard Edition 5.6 ]

Disk management එකට යන්න පුළුවන්  win+R  press කරාම එන Run එකේ  diskmgmt.msc කියල type කරලා Ok කරන්න .


ඊළඟට Shrink කරගන්න ඕන partition එක තෝරලා  Shrink Volume දෙන්න ... එතකොට එන window එකේ Shrink කරාට පස්සේ  එකියන්නේ කොච්චර space එකක් Shrink කරගන්න පුලුවන්ද කියල පෙන්නනවා ...එකට ඔයාට free space කොච්චරක් ඕනද  කියල  MB වලින් දාන්න ඕන ..මේකෙන්  ඔයාට windows වලට partition එකක් සහ  ඔයා දාපු MB ගානට අදාලව free space එකක් හම්බෙනවා ...අපි Ubuntu  Install කරන්න  බාවිතා කරන්නේ  ඔය හදාගත්ත free space එක තමයි .




දැන් අපිට කරන්න තියෙන්නේ  USB  drive එකෙන්  machine එක  boot කරන්න  ඕන හින්ද  Fast boot එක disable කරන එක ...ඒකට  Control Panel එකේ Power Options  ගිහින්  එතන තියෙන  system settings වලින් shutdown settings වල තියෙන  Fast startup (Recommended) කියන option එක uncheck කරලා save  කරන්න ඕන ..




ඊළඟට  කරන්න තියෙන්නේ  Secure Boot  Disable කරන එක.., ඔයාගේ machine එකේ BIOS settings  වලට යන්න වෙනවා  මේක disable  කරන්න ...BIOS වල boot  වල  ඇති  secure boot කියල... ඒක disable කරන්න .. ගොඩක් වෙලාවට  තව ඇති OS type   කියල එකක් ... එක UEFI නම් තියෙන්නේ  CMS හරි  legacy type හරි වගේ එකකට change කරල බලන්න වෙයි  නැත්නම් machine එක හරියට boot වෙන එකක් නෑ ...

ඔය ටික හරියට කරගත්තට පස්සේ pen drive එකෙන් machine එක boot කරන්න..
එතෙන්දි  එන window එකෙන් Try Ubuntu දෙන්න  ..එතකොට  ubuntu live mood එක තමයි එන්නේ ..
මේ වගේ desktop එකක් එයි ,,

මෙතෙන්දි  ubuntu install නොකර  ඕන නම්  වැඩ කරලා බලන්න පුළුවන් .. install කරන්න නම් desktop  එකේ තියෙන install Ubuntu 14.04 LTS  Icon එක Dub-clck කරාම හරි..

එතකොට installation එක පටන්ගත්තාම  language අරව මේවා select කරල ඉවර උනාම  මෙන්න මේ වගේ window එකක් ඒවි ..


මේකෙදි  Something Else  Option එක  tick කරලා  install now  click කරන්න ..

එතකොට  දැනට තියෙන machine එකේ  තියෙන partitions ටික බලාගන්න පුළුවන්  ....මතකනේ  අපි free space එකක් හදාගත්ත ...අන්න ඒක ප්‍රයෝජනෙට ගන්න තමයි දැන් හදන්නේ ... ඒ කියන්නේ  ubuntu වලට ගැලපෙන විදියට ඒ free space එක partition කරගන්නවා .  Ext4 file system එකෙන් .
සාමාන්‍යයෙන් මේ free space  අපි 3 කට කඩාගන්නව .. .  /root , /home , /swap කියල .. Root  එක  තමයි අපි ubuntu install කරන partition එක ...එකට ඉතින් ටිකක්  ලොකු size එකක්  දෙන්න වෙනවනේ..
SWAP area එකට නම් recommended  space එක  RAM එක වගේ  දෙගුණයක space එකක් .. එකියන්නේ RAM  එක 4 GB නම්  SWAP එකට 8 GB space දෙන්න ඕන..
ඉතුරු ටික  ඉතින් home එකට ... හැබැයි මම දන්න තරමින් root එකයි swap එකයි තිබ්බත්  වැඩ කරනවා ,අව්ලක් නැතුව .. :)

කරන්නේ මෙහෙමයි....

 මේ window එකේදී  ඔයා දීපු free space එක select කරලා [බොහොම කල්පනාවෙන් අහ් ] පහල තියෙන  (+) sign එක click කරන්න ....මේ හදන්නේ ROOT එක හදාගන්න ..



මේ විදියේ window එකක් ඒවි.. මට  snapshots ගන්න විදියක් නැති නිසා  මේ තියෙන්නේ  net එකෙන් හොයාගත්තු snap එකක් ..
use as කියන එක මතක ඇතුව  Ext4  journaling file system කියල දෙන්න .. mount point එකට   "/"
 කියල දෙන්න .. root  එකට  ඔයා දාන Size එක MB වලින් දෙන්න ... අනිත් දේවල්  ඔය විදියමයි ..ok කරාම හරි..
ඊළඟට දෙන්න ඕන partition එකේ size එක විදියට swap එකේ size එක අඩු කරලා [අර ratio එක මතකනේ  1:2  ] දෙන්න ..mount type eka ට   /home ... දීල ok කරන්න ...
ඉතුරු වෙන space එක SWAP එකට  ... මේකේ  use as : එකට Swap Area කියල දෙන්න ..එකට mount point එකක් නෑ ..

දැන් partitions ටික හරි .. install කරන්න  පටන් ගන්න root එක තෝරන්න ලිස්ට් එකෙන්[හරියට  බලල confirm කරගෙන  select කරන්න හොඳේ  නිදිමතේ නැතුව  :p  ] ..ඊටපස්සේ  install now click කරන්න ...දැන් ඉතින් අමාරු ටික ඉවරයි ....ඉතුරු ටික ඉතින්  අමාරුවක් නෑ. Next කර කර යන්න තියෙන්නේ... තියෙන්නේ පොඩි පොඩි දේවල් ටිකක්  .. :D

            හරි  ඔන්න  දැන්  අපි Ubuntu  14.04  අපේ machine  එක ට  Install කරලා ඉවරයි   :D ...

මෙතෙන්දි සමහර විට  එන පුළුවන්  එක ප්‍රශ්නයක්  තමයි Machine එක restart කරද්දී  එක්කෝ Ubuntu වලින් වලින් විතරයි නැත්නම්  Windows වලින්  විතරයි  boot වෙන්නේ ... boot කරන්න  ඕන  OS  එක  අපිට තෝරාගන්න විදියක් නෑ ....GRUB එක  එන්නේ  නෑ ...ඒ කියන්නේ  boot loader එකේ ප්‍රශ්නයක් ...  ඉතින් ඕක fix කරන්න  අපිට boot loader එක repair කරන්න වෙනවා... [ GRUB කියන්නේ  GRand  Unified Bootloader කියන එක... මේක multiple operating systems  වලට  support කරන   multi-bootloader package එකක් ... සරලව කිව්වොත් ඔයාගේ computer එකේ OS එකකට වැඩියෙන් install කරලා තියෙද්දී  GRUB එකෙන් තමයි ඔයාගෙන් අහන්නේ මොන OS එකෙන්ද boot කරන්න ඕන කියල  :) ] 

කොහොමද කරන්නේ  ? 

          මෙහෙමයි  ඒකටඅපිට යන්න  වෙනවා Ubuntu terminal එකට ... Windows වලින් විතරක් නම් boot වෙන්නේ  කොහොමද යකෝ Ubuntu terminal යන්නේ  කියල ඇහුවොත් උත්තරේ තමයි USB drive එකෙන් ආයේ  Machine එක  boot  කරලා Live mode යන්න .. 
හරි ගිහින්  මෙන්න  මේ code  එක  එකින් එක Enter කරන්න ... එතකොට boot-repair කියන පොඩි  program එකක්  download වෙලා Install වේවි .මේකට ඉතින් Net Connect වෙලා ඉන්න ඕන..
     
        sudo add-apt-repository ppa:yannubuntu/boot-repair
        sudo sh -c "sed -i 's/trusty/saucy/g' /etc/apt/sources.list.d/yannubuntu-boot-repair-trusty.list"
        sudo apt-get update
        sudo apt-get install -y boot-repair && boot-repair

       Net එක  search කරලා හොයාගත්ත  code  එකක් තමයි  ඔය ... Recommended  කියල  තමයි තිබ්බේ .
එත් ඕක මට හරි ගියේ නැහැ .. 
ඕකේ අන්තිම line  එකේ   && boot-repair   වෙනුවට  && (boot-repair &)  දාල  තමයි  මම නම්  වැඩේ ගොඩ දාගත්තේ  :D

ඊට පස්සේ ඉතින්  තියෙන්නේ ඒ program එකේ  කරන්න කියන ඒවා ඒ විදියට කරන එක තමයි... මේකෙන් කරන්නේ GRUB  එක reinstall  කරන එක... නැතුව වෙන මොනවා කරන්නද නේද :p
ඒ විදියට කරාට පස්සේ   restart කරන්න .... සමහරවිට  එත් GRUB එක එන්නේ නැති ව  windows වලින්ම boot  වෙයි ... එතකොට  windows වල Command Prompt එක  දන්නවනේ. ..එක “Run as Administrator වලින්  open  කරගෙන  මේ  command  එක දීල බලන්න...  :)


          bcdedit  /set "{bootmgr}"  path  \EFI\ubuntu\grubx64.efi

[හැබැයි  kali  linux  පාවිච්චි කරන අය ට ඔය ප්‍රශ්න මුකුත් නෑ හොඳේ  ... ^_^   ]

ඊට පස්සේ  පස්සේ   machine එක reboot කරාම හරි . GRUB window  එකෙන්  ඔයා  කැමති  OS  එක  තෝරාගන්න තමයි තියෙන්නේ ...Grub  එකේ snapshot එකක්  ගන්න විදියක් මට නැති  නිසා එකේ තියෙන්න පුළුවන් දේවල් ටික මෙහෙම ලියන්නම්

        Ubuntu  14.04        
        Ubuntu recover mode
        Windows boot loader හරි Vista boot loader  හරි ඒවගේ එකක්


       ඔය වගේ  තව ඒවා තියෙන්න පුළුවන් ...සාමාන්‍යයෙන්  ඔය වගේ තමයි select කරන්න තියෙන optitions  :)  

ඉතින්  ඔය විදියට  Grub window එක ආවම අපි ඕන එක select කරේ නැත්නම්  default boot වෙන්නේ  ඉස්සෙල්ලම තියෙන  option එක ...[මේකේ විදියට නම්  Ubuntu 14.04] .හිතන්න අපි ට ඕනේ  default windows  boot කරගන්න කියල ...එතකොට අපිට ඔය order  එක වෙනස් කර ගන්න වෙනවා .
මෙතන boot options ,  Index කරලා තියෙන්නේ ...හැබැයි  1 න්  නෙමෙයි පටන් ගන්නේ .. 0 න් ... 0,1,2 විදිහට .. [ඒ කියන්නේ  මෙතන විදියට නම්  windows  වලට අදාල index එක වෙන්නේ  2 ]..

           ඒවිදියට  windows වල index එක මොකද්ද කියල හොයා ගත්ත ට  පස්සේ  අපිට  පුළුවන්  GRUB එක  Customize කරගන්න . මේකට  GRUB Customizer වගේ program එකක් උනත් කැමති කෙනෙක් ට  බාවිතා කරන්න පුළුවන්... දැන්  මම කියන්න යන්නේ  Terminal එකෙන්  වැඩේ කරගන්නේ කොහොමද කියල ...
 මුලින්ම boot loader එකේ backup එකක් අරන් ඉන්න ඕනේ මොකෝ වැඩේ දෙල් උනොත් කලින් තිබ්බ විදියටම හදාගන්න පුළුවන්නේ .

           sudo  cp  /etc/default/grub  /etc/default/grub.bak

ඊළඟට  gedit එකෙන්  grub configuration file එක open කරගන්න ඕන .

           sudo  gedit /etc/default/grub

[ kali  භාවිතා කරන අයට පුළුවන්  gedit  වෙනුවට leafpad  භාවිතා  කරන්න ]
මේ තියෙන්නේ  grub Configuration  file එකක් ...


මේකේ ඔයාට  පේනවා ඇති  GRUB_DEFAULTS = 2  කියල line එකක් ... ඔතන සාමාන්‍යයෙන් තියෙන්නේ  0 කියල ... මට ඕන index එක 2 නිසා  තමයි 2 දාල තියෙන්නේ ...

දැන් මෙතන ඔයාට default boot කරගන්න ඕන index එක දාල save කරගන්න .
ඊටපස්සේ  මේක update කරන්න ඕන මොකද අපි එක වෙනස් කරානේ .

            sudo update-grub

ඔන්න ඒ වැඩෙත් හරි  :D   දැන් තියෙන්නේ  ඉතින් ubuntu  ගැන ඉගන ගන්න එක තමයි ...

Type කරලම  ඇඟිලිත් රිදෙනවා ... ඇති වගේ  නෙහ්  :p

කලිනුත් කිව්වා වගේ post එකේ තියෙන වැරදි පෙන්නලා දෙන්න කියල තමයි කියන්නේ ... විශේෂයෙන්ම අපේ Linux බලකායේ  සහෝදරත්වය  මාව නිවැරදි කරයි කියල බලාපොරොත්තු වෙනවා :) (y) ...

මෙතන මම ලිව්වේ ඉතින් මට වැරදිච්ච දේවල් සහ  ගොඩ දාගන්න  මම බාවිතා කරපු  ක්‍රම ටික  ... මේ ක්‍රම වලට වඩා ලේසි ක්‍රම ඇති ...ඒවා comment එකක  දාල යන්න   හොඳේ ...

"  ජිවිතේ   හරිම  කෙටී   -   කාලය   පට්ට   වටී
කියෙව්වාට  තුති             -    තටා ට   ඒ  ඇති     "

 ගිහින් එන්නම් !!!

!!! ජයවේවා  !!! 

Wednesday, August 5, 2015

WAMP එකේ අකරතැබ්බ - 02

දෙවෙනි  post  එක කීවට කලින් post එකේ ඉතුරු ටික තමයි  ඉතින් මේ ................................
______________________________________________________________________________

මම හිතනව   කලින්  post එකෙන්  ' අනේ  මේ  "W" එක  කහ පාට  වෙලාම  තියෙනව , කොළ පාට  වෙන්නේ  නැහැනේ ' කියල  කෑ ගගහ  ඉඳපු  කස්ටියට  උත්තරයක් ලැබෙන්න  ඇති කියල ;) :D

හරි , අපි හිතමු දැන් wamp හරි විදියට install කරගෙන ඉවරයි කියල .අර "W" එකත් කොළ පාට වෙලා තියෙන්නේ කියල මේ විදියට ...
එත් සමහරවෙලාවට browser එකේ localhost කියල  type  කරාට  wamp server එකේ homepage  එකට[localhost ] යන්න දෙන්නේ නෑ... මේ වගේ  error  messages  සමහරවිට එන්න පුළුවන්...


localhost වෙනුවට  127.0.0.1  try  කරත් වැඩක් උනේ නෑ කියල හිතමුකෝ ..
එහෙම  ආවම  කරන්න  තියෙන්නේ  මුලින්ම System tray එකේ තියෙන  wamp  icon එක click කරලා  Restart All Services යන එක .



එක හරි නොගියොත් , ඔයාට  alias   වලින්  permissions  හරියට configure  වෙලාද  කියල බලන්න වෙනව.
            ඒකට C:\wamp\alias   වලට  ගිහින්  එකේ  තියෙන phpmyadmin.conf   කියන  configuration file එක  notepad හරි  notepad ++ වලින්  හරි open  කර ගන්න ඕන . එතෙන්ට යන්න මෙහෙමත්  පුළුවන් ..



දැන් notepad එකෙන්  open කරගත්ත file එකේ  මෙන්න මේ  code  එක තියෙනවද බලන්න 

<Directory "C:/wamp/www/"> 
Deny Override all
  Order Deny,Allow
Deny  from all
</Directory>

මෙහෙම  තියෙනවා කියන්නේ permission දීල  නැහැ . මෙන්න  හරි විදියට permission grant කරන විදිය ,

<Directory "C:/wamp/www/"> 
AllowOverride all
    Order Allow,Deny
    Allow from all
</Directory>

දැන්  වැඩේ ගොඩ  :D

හැබැයි ඉතින් මේ විදියට කරලත්  wamp එක  හරියට වැඩ කරන්නෙ  නැති වෙන්න  හේතු තියෙන්න  පුළුවන් .. 
  • එකක් තමයි  Microsoft windows වලටම එන  IIS (Internet Information Services )  එක  
  • අනික  තමයි ඔයාගේ machine  එකේ  තියෙන Skype  එක...

 දැන් බලනව ඇති කොහොමද  යකෝ මේ කොහෙවත් ඉන්න skype එකත්  මේකට  හේතුවක් වෙන්නේ  කියල .. :p  

 තේරෙන  විදියට  කිව්වොත්   හේතුව  තමයි  wamp  server  එකයි ,  IIS  එකයි  ,  skype server  එකයි  3 ම එකම port  එකකට තරග කරන  එක  :p [ පිස්සු නෙහ්  :D  port 3 ක්  use  කරා  නම් අවුලක් නැනේ  නේද :p :p]
 මොකද ඔය 3 දෙනාම  communications  වලට  by default  use කරන්නේ  port 80   කියන  port එක ..

දැන්  ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියේද බලන්න  අපිට පුළුවන්  port 80  Test  කරලා බලන්න...  මේ විදියට  Apachi >Service>Test port 80  click කරන්න .  

එතකොට මේ වගේ window එකක පෙන්නනවා  මේ වෙලාවේ port 80 කව්ද  බාවිතා   කරන්නේ කියල ..   



මෙහෙම නොවුනොත් තමයි පහල තියෙන දේවල් කරන්න වෙන්නේ .. :D

මුලින් කිය කිය ඉඳපු  කතාවට ආ වොත් , ඉතින්  අනිත් උන්ට කලින්  port එකට call  කරන එකා  තමයි දිනන්නේ ;) :D  
හරි  දැන්  wamp server එක [ ඒ කියන්නේ apachi server එක ] ගොඩ දාගන්න නම් අනිත් දෙන්නව පැත්තකින් තියල අපිට එයාට  Priority එක දෙන්න ඕන කියල තේරෙනව නෙ නේද..  හරි . අන්න ඔයාට තේරුණා :p 

කරන්න ඕන දේවල්  මෙන්න ,
  • IIS එක  කියන්නේ  ඉතින් windows componant එකක් නෙ . Service එක  enable ද බලන්න system configuration window එකට යන්න වෙනවා .
  • Win+ R press කරලා  එන  Run එකේ  " msconfig " කියල  type කරලා  ok කරාම  ඒ window එකට යන්න පුළුවන් .  

මෙතනින්  IIS එක enable  නම්  disable කරල දාන්න .


ඊළඟට තියෙන්නේ Skype  එකේ ප්‍රශ්නේ . මේක විසදගන්න  පුළුවන්  විදි කිහිපයක්  තියෙනවා .
  1. Skype එක අපිට පුළුවන් stop කරලා දාන්න .
              ----- දැන් බලාවි IIS එක වගේ Skype එකත් අයින් කරන්න ද මූ හදන්නේ , එතකොට අපි  කතා කරන්නේ මොකෙන්ද කියල  :p [දැන් ඉතින් අක්කගේ Skype account එක නැතිවෙයි කියලා මැරෙන්න හදන්න ඕන නෑ  ;) :p :p  ]  
Stop කරන්න කියල Skype software  එකෙන්  exit  උනා ට විතරක් වැඩේ හරියන්නේ නම් නෑ ...මොකද  ඒකෙන් අයින් උනාට  task manager ගිහින් බැලුවොත් පෙනේවි තාමත් එකේ  process එක run වෙනවා කියල ....[ Task manager යන්න  Ctrl+shift+Esc  shortcut එක භාවිතා කරලා  :)] ඒක  stop කරාම වැඩේ හරි . :D

      
     2. අපි Skype එක run කරන්න කලින්  wamp manager  එක  run කරගෙන ඉන්නව.
                ----මේකෙදි වෙන දේ තේරෙනවනේ  wamp  ගිහින් ඉස්සෙල්ලම  port 80 ගත්තම  Skype  ට කරන්න දෙයක් නෑ එයා වෙන port එකක් assign කරගෙන එයාගේ  communications  කර ගන්නව. අවුලක් නැනේ  :p  හැබැයි සාමාන්‍යයෙන් Skype  Startup එකේ ඉදන්ම run වෙනව. එක නවත්වන්න  ඔය උඩ තියෙන  System Configuration window එකේ Startup Tab එකට  ගිහින් එතනින් Skype disable කරන්න ඕන . එතකොට දෙයියනේ  කියල මුලින් ම wamp එක Run කරන් කරන වැඩක් කර ගත්තහැකි :D .

     
     3 . Skype එකට  වෙන  port එකක් Assign කරනව..  

             ----- කලින් ක්‍රමය ටිකක් කරදරයි වගේ නෙහ් .. ඉතින් අපි කරන්නේ  Skype එකට  port එකක් reassign කරන එක . එකට ඔයාගේ Skype එකේ  Connections  වල ඇති  " Use  port 80 " කියල  checkbox එකක් . එක uncheck කරන්න . 


මේ විදියට ඔයාලට පුළුවන් වේවි හරියට wamp server එක Run කරගෙන වැඩ ටික කරගන්න .

post එක ටිකක් දිග උනා ...තව ඉතින් අනේකවිධ  ප්‍රශ්න එන්න පුළුවන් ටිකක් විතරයි ලිව්වේ ඉතින් .. :D සේරම ලියන්න අමාරුයි  අෆ්ෆා  !!!
ඊළඟ  post වලින් Hosting , Networking ,Cyber Security ,Linux  වගේ  දේවල් වල basics ටිකක් කියල දෙන්න බලාපොරොත්තුවක්  තියෙනව... මමත් ගොඩක් දේවල් දන්නේ නෑ ඉතින්.. දන්න ටික තමයි ලියන්නේ  :) 

වැරදි  අඩු පාඩු තියේ නම් හරි, තව මොකක්හරි wamp එක ගැන ප්‍රශ්නයක් තියේනම්  Comment  එකක් දාල යන්න හොඳේ ...  අපිත් ආසයි ඉතින්  අලුත් දේවල් ඉගන ගන්න  ^_^  (y)   
  
හරි  එහෙනම් ඊළඟ Post  එකෙන්   තවත්  අමාරුවේ වැටිච්ච තැනක්  අරගෙන,  පණ තිබුනොත් :p   ආයේ  බ්ලොගේ දී  set  වෙමු  !!!   තටා ගියා  :)  !!!    

!!!  ජය වේවා   !!!













Tuesday, August 4, 2015

WAMP එකේ අකරතැබ්බ

      කුළුදුලේ ලියන ප්‍රථම පලමුවෙනි first  blog මෙව්ව  එක තමයි මේක... :D  Facebook එකේ කාලෙ කනවට වඩා දන්න දෙයක්  කොහේ හරි ලියල  හරි තියන්න ඕන කියල පොඩි මෙව්ව එකක් ඔලුවට ආපු නිසා තමයි ඔන්න මේක පටන් ගන්න හදන්නේ... :)
හැමදාම Assignment කර කර ඉන්න  අපි වගේ උන්ට Vacation එකක්  එන්නම ඕන ඉතින්   මේවගේ  දෙයක් වත් මොලේට එන්න ;)...

 [ මම ලියන විදිය ගැන අවුලක් ගන්න එකක් නෑ කියල හිතනවා . ප්‍රබුද්ධ භාෂාව අපේ   ව්‍යවහාරික වචන මාලාව  එක්ක ගලපන්න අමාරුයි  ටිකක් .. තේරුම් ගන්නත් බැරි වෙයි  එහෙම උනොත්  . ඉතින් මේ විදිය මට හොඳයි  කියල  හිතුන :)  ]

     මුලින්ම  කියන්න ඕන  මම ලියන්නේ මට වෙච්ච, අපේ යාලුවොන්ට වෙච්ච දේවල් ,දෙයක් කරන්න ගියාම හිර වෙච්ච තැන් තමයි. :)  What I found ..What I learnt.. :)   ඉතින්  වැරදි  ගොඩක් තියෙන්න  පුළුවන් ලොකු ලොකු  දේවල් දන්නේ නෑ  මමත්  තාම ආධුනිකයෙක්  මේකට... අවුලක් නෑ  කොල්ලෝ නේ :D ...  ඕගොල්ලෝ මගේ වැරදි  පෙන්නල  දුන්නොත්  තමයි  දිගටම මේක කරන් යන්න  හිතෙන්නේ .. 

      ලියන්න ඕන කියල හිතුවට මොනවා ලියන්න ද කියල  දහ අතේ කල්පනා  කරලා  පුංචි ම තැනකින්  වැඩේ පටන් ගන්න හිතුව.
නිකන් පුර්විකාවක් වගේ ඔය ටික කිව්වේ ඉතින්  මේක නිකන්ම  blog පටන් ගන්න මොකද්ද වගේ හින්ද :D
එහෙනම් කයිය පැත්තකින් තියල වැඩේ පටන් ගමු  ඇහ් !! :D 

       හරි ,ඕගොල්ලෝ දන්නවා ඇතිනේ  Joomla .. ජූම්ලා කියන්නේ  WCMS software එකක් . එ කියන්නේ Web Content Management System එකක් .. සරලව කිව්වොත්  HTML ලාවට දන්න , පොඩි පරිගණක දැනුමක් තියෙන කෙනෙක්ට උනත්  ලේසියෙන් Web site එකක්  හදල ඒක බොහොම පහසුවෙන් පවත්වාගෙන යන්න පහසුකම් සපයල තියෙන මෘදුකාංගයක්.[අපේ කස්ටිය නම් මාර  ආසයි මේකට :v  ]

 ඉතින් අපි හදන web site එක ලෝකේ කොහේ හිටියත් බලන්න පුළුවන් වෙන්න නම්  අපිට ඒක  host කරන්න වෙනව.[hosting  ඉදිරි post එකකින් බලමු ]. අපිට පුළුවන් hosting site එකක ඉදන්ම  වැඩේ පටන් ගන්න නැත්නම්  එක්කෝ අපේ machine එකේ ඉදන් [එ කියන්නේ local host]web site එක develop කරලා පස්සේ හිමිට  host කරන්න.

     ඔය දෙවෙනියට කිව්වදේ  කරන්න යද්දී තමයි  මාතෘකාව ට සම්බන්ද වෙන්නේ.  [ජූම්ලා  ගැන කියල හතර වටේ ගියේ  wamp එක අපිට ඕන වෙච්ච එක අවස්ථාවක් ගැන කියන්න ... තව ඉතින් ගොඩක් දේවල් වලට මේක ඕන වෙනවා ...]මොකද  අපිට server එකක් install කරන්න වෙනවා අපේ  machine එකේ  . Apache server එක තමයි ඉතින් මම දන්න විදියට ගොඩක් අය මේකට යොදා ගන්නේ... තව අපිට PHP තුයි  MySQL ඕන වෙනව...

අපිට ඕන ඕන විදියට එක එක දේවල් add කරන්න  අයින් කරන්න PHP ගැන පොඩි දැනුමක් තිබ්බොත් වැඩේ ලස්සනට ගොඩ දාගන්න පුළුවන් මොකද  ජූම්ලා කියන්නේ PHP based නෙ... MYSQL නම් ඕන Database එක manage කර ගන්න තමයි ... ඔය තුන ඉතින් අපිට පුළුවන්  වෙනවෙනම  download කර ගෙන install කරන්න .එත් එක කම්මැලි වගේ නෙහ් :!

WAMP  server  එක අපේ උදව්වට එන්නේ  ඔය වෙලාවට. උදව් කරාට ඉතින්  ප්‍රශ්න නැත්තෙමත් නෑ. ;) WAMP වෙනුවට  ඉතින් අපිට  XAMPP උනත් බාවිතා කරන්න පුළුවන්. මේ server side softwares [ඒ කිව්වේ WAMP ,XAMPP] ඇතුලේ  Apachi , MYSQL  intergrate කරලා තියෙන්නේ . ඒ කියන්නේ  wamp install කරද්දී  ඒවා automatically install වෙනවා :) !

මේ ලිපියේදී මම උත්සහ කරන්නේ  wamp [wamp 2.5] install කරාට පස්සේ වෙන  අකරතැබ්බවල්  කීපයක් ගොඩ දාගන්න හැටි කියල දෙන්න තමයි ... installation එක නම් ඉතින්  ලොකු දෙයක් නෑ.[නෑ කිව්වට නැත්තෙමත් නෑ වෙච්ච දේවල් වල හැටියට ;) :p ]

හැබැයි මෙන්න මේ වගේ error message එකක් එන්න ඉඩ තියෙනවා install complete වෙන්න ඔන්න මෙන්න තියෙද්දී . මේක ok  කරාම installation complete උනාට wamp හරියට  වැඩ කරන එකක් නැහැ .



මේකෙන් කියන්නේ  ඔයාගේ machine එකේ MSVCR100.dll  කියන library file එක  නෑ කියල. WAMP install උනත්  Run වෙන්න දෙන්නේ නෑ  මේ dll එක  නැති නිසා . ඒ කියන්නේ  ඔයා  wamp manager Run කරත්  server  එක හරියට වැඩ  කරන්නේ නෑ.server එක  online කරන්න ඉඩ දෙන්නේ  නැහැ  . Task bar එකේ  wamp  "W " අකුර  කහ පාට වෙලාම තියේවි කොළ පාට වෙන්නේ නැතුව පන යනකන් restart  කරත් ඔච්චරම තමයි  ...මොකද්ද අපි  මේකට  කරන්නේ ? 

  • අපිට පුළුවන් Visual C++ redistributable package එක  මෙතනින් ගිහින් install කරන්න.
  • ඊළඟට  wamp  uninstall කරලා  machine  එක  restart පාරක් එහෙම දාල ආයෙම install කරාම වැඩේ හරි . 
අනිත් ක්‍රමේ  තමයි , තව ඔයාලට  පුළුවන් ,

  • අදාළ  dll  file එක විතරක් google දෙයියගෙන් :D   download  කරගෙන ඒක  මෙන්න මෙතනට ,
                   C:\Windows\System32 
          folder එකට copy කරන්න. [C: කියන්නේ මගේ  Windows install කරලා තියෙන Drive එක :)  ]

          ඔයාගේ  machine එක 64-bit නම් C:\Windows\SysWOW64  Folder  එකට copy කරන්න ඕනි .
        ඊළඟට  wamp  uninstall කරලා  machine  එක  restart පාරක් එහෙම දාල ආයෙම install කරල wampmanager.exe  එක  Run  කරන්න ...

තව ක්‍රමත් තියෙන්න පුළුවන් ... දන්නා කෙනෙක් ඉන්නවා  නම්  යටින්  comment එකක් දාන්න...
යෝජනා චෝදනා ඔක්කොම දැනගන්න කැමති යි...
"  වැරදි  ඇතොත්  කියා දෙන්න -  අපි ආසයි හදාගන්න  " හොඳේ  ;)  

 wamp එකේ වෙච්ච තව  අකරතැබ්බ නම්  ගොඩාක්  තියෙනෝ ,  ඊලග post එකෙන් ඉතුරු ටික කතා කරමු !

                                                            !!!  ජය වේවා  !!!!!