කලින් Post එකේ විදියට Ubuntu Install කරගන්න try එකක් දෙන්න ඇති කියල හිතනවා
.මේ පාර කියන්න හිතුවේ Kali Linux dual boot install කරගන්න විදිය ගැන.
මේකත් Ubuntu වගේම Open Source OS එකක් . Information Security , Penetrating Testing වගේ දේවල් වලට තමයි වැඩි පුර බාවිතා වෙන්නේ . කලින් ආපු Backtrack OS එකේම අලුත් එකක් තමයි මේ.
අලුත්ම 2.0 version එකෙත් tools බර ගානක් තියෙනවා try කරලා බලන්න පුළුවන්.[ Tool එකක් Run කරපු පලියට ඉතින් Hacker කෙනෙක් වෙන්නේ නෑ හොඳේ :p නිකමට try කරලා බැලුවට නම් කමක් නෑ]
Ubuntu install කරපු විදිය මතකයි නේ . BIOS setup ගිහින් UEFI Settings legacy වලට change කරලනේ install කරේ . අද කියන්නේ UEFI mode එකේ තියෙද්දීම OS එක install කරන ක්‍රමයක් . මොකද සමහර වෙලාවට OS එක install කරගත්තත් dual boot mode එකේදී boot loader එකේ අවුල් එන්න පුළුවන් . එතකොට එක්කෝ මොකක් හරි එකක් විතරයි boot වෙන්නේ . GRUB එක වැඩ කරන්නෙත් නැතුව යනවා.
මොකද kali legacy support OS එකක් .කොහොමද මේක UEFI support කරන විදියට හදාගන්නේ ..?
හරි කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා .
මුලින්ම pen drive එක සාමාන්‍ය විදියට bootable කරගන්න ඕන .[කොහොමද කරන්නේ කියල බලන්න මෙතනින් ]
ඒ විදියට bootable කරගත්ත pen drive එක UEFI විදියට නෙමෙයි තියෙන්නේ. ඒකට පොඩි file 3ක් download කරගන්න වෙනවා .
BOOTX64.efi
grubx64.efi
MokManager.efi
download කරගන්න මෙතනින් .
දැන් Pen එකේ අලුතෙන් මෙන්න මේ folder Structure එක හදන්න ඕන .
EFI /boot
දැන් download කරගත්ත files 3 boot folder එකට copy කරගන්න.දැන් pen එක UEFI boot mode එකෙන් bootable කරල ඉවරයි. .
දැන් ඔයාට කරන්න තියෙන්නේ වෙනම efi boot partition එකක් create කරන්න ඕන home, Root ,swap වලට අමතරව . ඒ කට space 500 MB වගේ තිබ්බම ඇති .
ඊට පස්සේ ඉතින් කැමති විදියකට EXT4 File System partitions හදන්න තමයි තියෙන්නේ .
Kali Install කරන්න හොඳම විදිය තමයි live mode එකෙන් ගිහින් එතන තියෙන ,
Application > system tools> install Kali වලින් install කරන එක .
Install කරන්න නම් අනිව internet connect වෙලා ඉන්න ඕන මොකද installation process එකේ දී auto download කරගන්න GRUB එකට අදාළ files වගේ තවත් files තියෙන නිසා .
Installation එකේ ඉතුරු ටික නම් ඉතින් කලින් ubuntu වල කරපු වගේම තමයි කරන්න තියෙන්නේ :)
එන්න පුළුවන් Errors ඊළඟ පොස්ට් එකෙන් විස්තර කරන්නම්!
!!! ජය වේවා !!!