______________________________________________________________________________
මම හිතනව කලින් post එකෙන් ' අනේ මේ "W" එක කහ පාට වෙලාම තියෙනව , කොළ පාට වෙන්නේ නැහැනේ ' කියල කෑ ගගහ ඉඳපු කස්ටියට උත්තරයක් ලැබෙන්න ඇති කියල ;) :D
හරි , අපි හිතමු දැන් wamp හරි විදියට install කරගෙන ඉවරයි කියල .අර "W" එකත් කොළ පාට වෙලා තියෙන්නේ කියල මේ විදියට ...
එත් සමහරවෙලාවට browser එකේ localhost කියල type කරාට wamp server එකේ homepage එකට[localhost ] යන්න දෙන්නේ නෑ... මේ වගේ error messages සමහරවිට එන්න පුළුවන්...
localhost වෙනුවට 127.0.0.1 try කරත් වැඩක් උනේ නෑ කියල හිතමුකෝ ..
එහෙම ආවම කරන්න තියෙන්නේ මුලින්ම System tray එකේ තියෙන wamp icon එක click කරලා Restart All Services යන එක .
එක හරි නොගියොත් , ඔයාට alias වලින් permissions හරියට configure වෙලාද කියල බලන්න වෙනව.
ඒකට C:\wamp\alias වලට ගිහින් එකේ තියෙන phpmyadmin.conf කියන configuration file එක notepad හරි notepad ++ වලින් හරි open කර ගන්න ඕන . එතෙන්ට යන්න මෙහෙමත් පුළුවන් ..
දැන් notepad එකෙන් open කරගත්ත file එකේ මෙන්න මේ code එක තියෙනවද බලන්න
<Directory "C:/wamp/www/">
Deny Override all
Order Deny,Allow
Deny from all
</Directory>
මෙහෙම තියෙනවා කියන්නේ permission දීල නැහැ . මෙන්න හරි විදියට permission grant කරන විදිය ,
<Directory "C:/wamp/www/">
AllowOverride all
Order Allow,Deny
Allow from all
</Directory>
දැන් වැඩේ ගොඩ :D
හැබැයි ඉතින් මේ විදියට කරලත් wamp එක හරියට වැඩ කරන්නෙ නැති වෙන්න හේතු තියෙන්න පුළුවන් ..
- එකක් තමයි Microsoft windows වලටම එන IIS (Internet Information Services ) එක
- අනික තමයි ඔයාගේ machine එකේ තියෙන Skype එක...
දැන් බලනව ඇති කොහොමද යකෝ මේ කොහෙවත් ඉන්න skype එකත් මේකට හේතුවක් වෙන්නේ කියල .. :p
තේරෙන විදියට කිව්වොත් හේතුව තමයි wamp server එකයි , IIS එකයි , skype server එකයි 3 ම එකම port එකකට තරග කරන එක :p [ පිස්සු නෙහ් :D port 3 ක් use කරා නම් අවුලක් නැනේ නේද :p :p]
මොකද ඔය 3 දෙනාම communications වලට by default use කරන්නේ port 80 කියන port එක ..
දැන් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තියේද බලන්න අපිට පුළුවන් port 80 Test කරලා බලන්න... මේ විදියට Apachi >Service>Test port 80 click කරන්න .
එතකොට මේ වගේ window එකක පෙන්නනවා මේ වෙලාවේ port 80 කව්ද බාවිතා කරන්නේ කියල ..
මෙහෙම නොවුනොත් තමයි පහල තියෙන දේවල් කරන්න වෙන්නේ .. :D
මුලින් කිය කිය ඉඳපු කතාවට ආ වොත් , ඉතින් අනිත් උන්ට කලින් port එකට call කරන එකා තමයි දිනන්නේ ;) :D
හරි දැන් wamp server එක [ ඒ කියන්නේ apachi server එක ] ගොඩ දාගන්න නම් අනිත් දෙන්නව පැත්තකින් තියල අපිට එයාට Priority එක දෙන්න ඕන කියල තේරෙනව නෙ නේද.. හරි . අන්න ඔයාට තේරුණා :p
කරන්න ඕන දේවල් මෙන්න ,
- IIS එක කියන්නේ ඉතින් windows componant එකක් නෙ . Service එක enable ද බලන්න system configuration window එකට යන්න වෙනවා .
- Win+ R press කරලා එන Run එකේ " msconfig " කියල type කරලා ok කරාම ඒ window එකට යන්න පුළුවන් .
මෙතනින් IIS එක enable නම් disable කරල දාන්න .
ඊළඟට තියෙන්නේ Skype එකේ ප්‍රශ්නේ . මේක විසදගන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා .
- Skype එක අපිට පුළුවන් stop කරලා දාන්න .
----- දැන් බලාවි IIS එක වගේ Skype එකත් අයින් කරන්න ද මූ හදන්නේ , එතකොට අපි කතා කරන්නේ මොකෙන්ද කියල :p [දැන් ඉතින් අක්කගේ Skype account එක නැතිවෙයි කියලා මැරෙන්න හදන්න ඕන නෑ ;) :p :p ]
Stop කරන්න කියල Skype software එකෙන් exit උනා ට විතරක් වැඩේ හරියන්නේ නම් නෑ ...මොකද ඒකෙන් අයින් උනාට task manager ගිහින් බැලුවොත් පෙනේවි තාමත් එකේ process එක run වෙනවා කියල ....[ Task manager යන්න Ctrl+shift+Esc shortcut එක භාවිතා කරලා :)] ඒක stop කරාම වැඩේ හරි . :D
2. අපි Skype එක run කරන්න කලින් wamp manager එක run කරගෙන ඉන්නව.
----මේකෙදි වෙන දේ තේරෙනවනේ wamp ගිහින් ඉස්සෙල්ලම port 80 ගත්තම Skype ට කරන්න දෙයක් නෑ එයා වෙන port එකක් assign කරගෙන එයාගේ communications කර ගන්නව. අවුලක් නැනේ :p හැබැයි සාමාන්‍යයෙන් Skype Startup එකේ ඉදන්ම run වෙනව. එක නවත්වන්න ඔය උඩ තියෙන System Configuration window එකේ Startup Tab එකට ගිහින් එතනින් Skype disable කරන්න ඕන . එතකොට දෙයියනේ කියල මුලින් ම wamp එක Run කරන් කරන වැඩක් කර ගත්තහැකි :D .
3 . Skype එකට වෙන port එකක් Assign කරනව..
----- කලින් ක්‍රමය ටිකක් කරදරයි වගේ නෙහ් .. ඉතින් අපි කරන්නේ Skype එකට port එකක් reassign කරන එක . එකට ඔයාගේ Skype එකේ Connections වල ඇති " Use port 80 " කියල checkbox එකක් . එක uncheck කරන්න .
මේ විදියට ඔයාලට පුළුවන් වේවි හරියට wamp server එක Run කරගෙන වැඩ ටික කරගන්න .
post එක ටිකක් දිග උනා ...තව ඉතින් අනේකවිධ ප්‍රශ්න එන්න පුළුවන් ටිකක් විතරයි ලිව්වේ ඉතින් .. :D සේරම ලියන්න අමාරුයි අෆ්ෆා !!!
ඊළඟ post වලින් Hosting , Networking ,Cyber Security ,Linux වගේ දේවල් වල basics ටිකක් කියල දෙන්න බලාපොරොත්තුවක් තියෙනව... මමත් ගොඩක් දේවල් දන්නේ නෑ ඉතින්.. දන්න ටික තමයි ලියන්නේ :)
වැරදි අඩු පාඩු තියේ නම් හරි, තව මොකක්හරි wamp එක ගැන ප්‍රශ්නයක් තියේනම් Comment එකක් දාල යන්න හොඳේ ... අපිත් ආසයි ඉතින් අලුත් දේවල් ඉගන ගන්න ^_^ (y)
හරි එහෙනම් ඊළඟ Post එකෙන් තවත් අමාරුවේ වැටිච්ච තැනක් අරගෙන, පණ තිබුනොත් :p ආයේ බ්ලොගේ දී set වෙමු !!! තටා ගියා :) !!!
!!! ජය වේවා !!!



Ela machan!!!!!!!!! ubata pana thiyei ithuru eka danna :D :D :p
ReplyDeleteThanks bn :D ow math hithanawa :) kohomath ubata passei mama :p :D
Deleteවටිනා post එකක්...ඇත්තටම lecture එකකට වඩා පැහදිලියි..
ReplyDeleteAdoh paata ah supiri brow <3 <3 <3 thada thada!!
ReplyDelete